අධික සීතල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

අධික සීතල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ දරුණු ශීත සෘතුවේදී අවම වශයෙන් පුද්ගලයින් 157 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

මිලියන ගණනක ජනතාව අවම උෂ්ණත්වයට මුහුණ දෙන බැවින් සතියකට අඩු කාලයකදී මරණ සංඛ්‍යාව දෙගුණයක් වීමට ඉඩ ඇති බවද ඔවුන් සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කාන්තා රාජ්‍ය නොවන සංවිධාන සේවකයින්ට තලේබාන් තහනමෙන් පසු රට තුළ බෙදා හරින ලද සීමිත මානුෂීය ආධාර ප්‍රමාණයෙන් මෙම බලපෑම වඩාත් නරක අතට හැරී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පුද්ගලයන් 565,700 කට පමණ බ්ලැන්කට්, උණුසුම සහ නවාතැන් වැනි ආධාර ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This