අධික වැසි ජීවිත 16ක් බිලි ගනී

අධික වැසි ජීවිත 16ක් බිලි ගනී

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ කේරළය ආශ්‍රිතව තවදුරටත් ජල ගැලීම් සහ නාය යාම් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමන්ම ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයට අඛණ්ඩව තුන්වන දිනටත් ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

තවත් බොහෝ දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, ඇතැම් පිරිස් සුන්බුන් අතර සිර වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

 

 

 

 

එමෙන්ම පවතින ගංවතුර තත්ත්වය සමඟ තම විවාහ මංගල උත්සවය සඳහා බෝට්ටුවක් මත නැගී මනාල යුවලට ගමන් කිරීමට සිදු වූ පුවතක්ද වාර්තා වුණා.

Share This