අද විදුලිය කපනවාද ?

අද විදුලිය කපනවාද ?

විදුලිබලය නිපදවීම  සඳහා  ඛනිජ තෙල්  නීතිගත  සංස්ථාවෙන්  ඉන්ධන  ලැබීම  නිසා  අද (17) දිනය තුළද  විදුලි විසන්ධි   කිරීමක් සිදු නොකරන බව විදුලිබල  මණ්ඩලයේ  මාධ්‍ය ප්‍රකාශකවරයා  පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

විදුලිය නිපදවීම සඳහා තෙල් සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලැබුණ බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

හෙට (18දා) විදුලිබල මණ්ඩලය තවත් සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී තෙල්  සංස්ථාවෙන්  තවදුරටත්  ඉන්ධන  ලබාදීමට  කටයුතු  කළහොත්  ඒ  අනුව  අඛණ්ඩව  විදුලිය  ලබාදීමට  කටයුතු  කරන බවත් විදුලිබල  මණ්ඩලයේ  මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටිනවා

Share This