අදත් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අදත් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් බවයි.

වෙඩි තැබීමට හේතුව තවම අනාවරණය වී නැහැ.

දිනෙන් දින වෙඩි තැබීම් සහ ඝාතන ඉහළ යමින් පවතින වකවානුවකයි අද දිනයේත් මෙලෙස ඝාතනයක් සිදුව ඇත්තේ.

මෙලෙස සිදුවන බොහෝ ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරන ඒවා බවටයි පොලීසිය සැක කරන්නේ.

Share This