අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගනී

අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගනී

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී, 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ , නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ, ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය අද (20)පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

අනතුරෙන් පසු අතුරුදන්ව සිටි මෙම ධීවරයා සොයා නාවික හමුදාව විසින් අනතුර වාර්ථා වූ අවස්ථාවේ සිට අඛණ්ඩව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් ‍ක්‍රියත්මක කල බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා යොදවා තිබෙනවා.

එම මෘත දේහය නාවික හමුදා යාත්‍රාවක් මඟින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව, මෘත දේහය සම්බන්ධව හදිසි මරණ පරීක්‍ෂණය (Inquest) කයිට්ස් පොලිසියේ දැනුම් දීම මත කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු අතිරේක මහේස්ත්‍රාත් තුමිය විසින් අද (2021 ඔක්තෝබර් 20) දහවල් කන්කසන්තුරය වරායේදී සිදු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

මෙම මෘත දේහය හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙම අනතුරෙන් මුදා ගන්නා ලද ඉන්දියානු ධීවරයින් දෙදෙනා කයිට්ස් පොලීසිය විසින් මෙම ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

හදිසි මරණ පරීක්‍ෂණයෙන් පසුව, ගරු අතිරේක මහේස්ත්‍රාත් තුමියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘත දේහය යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කල බවද සඳහන්

Share This