අත්ට්‍රැක්ටර් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අත්ට්‍රැක්ටර් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

යාපනය, පුත්තූර් ප්‍රදේශයේදි ඊයේ (14) සිදු වූ අත්ට්‍රැක්ටර් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා.

වගා ඉඩමේ බිම සකස් කරමින් සිටිය දී අත්ට්‍රැක්ටරය පසුපසට ගැනීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා ට්‍රැක්ටරය හා ගසක් අතර සිරවී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනය, පුත්තූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු පියෙක්.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇති බවයි.

Share This