අටුළුගම දී පුංචි ෆාතිමාව බිලිගත් ‘ඝාතකයා පසුපස සිටි’ ලොවම දන්නා මාරයා(VIDEO)

අටුළුගම දී පුංචි ෆාතිමාව බිලිගත් ‘ඝාතකයා පසුපස සිටි’ ලොවම දන්නා මාරයා(VIDEO)

බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතකයා අයිස් මත්ද්‍රව්‍ය පානය කොට සිට ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබුණා.

දැරිය ගිය වෙළඳසැලේම සිට ඇති සැකකරු ඇයට පෙර වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මගරැක සිට ඇති බවයි මූලික පරික්ෂණවලින් අනාවරණය වී තිබුණේ.

දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති අතර එහිදී ඇය විලාප නගා ඇති බවත් පරික්ෂණවලින් හෙලිවූ බවයි පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ.

අයිස් මත්ද්‍රව්‍ය පානය කොට සිටි ඝාතකයා දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් මඩ වගුරකට තල්ලුකර දැරියගේ පිටට දණහිස තබාගෙන තද කර ඇති බවත් එම වාර්තා මගින් කියවුණා.

‘අයිස්’ හෙවත් ක්‍රිස්ටල් මෙත් (crystal meth) නමැති මත්ද්‍රව්‍යය භාවිතය ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය පුරාම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවල් ජාතික කාර්ය බලකායක් ද පිහිටුවා තිබෙනවා.

වෙනත් ඕනෑම නීති විරෝධී මත් ද්‍රව්‍යයකට වඩා ‘අයිස්’ නමින් ද හැඳින්වෙන මෙම මත් ද්‍රව්‍යය මගින් සමාජයට හානි සිදුවන බව ඕස්ට්‍රේලියානු අපරාධ කොමිසමේ වාර්තාවක් මගින් ද ලෝකයට පැහැදිලි කර දී ඇති බව විදෙස් වාර්තා මගින් ද පෙන්වා දෙනවා.

“මේ අයිස් කියන මත් ද්‍රව්‍යයේ ප්‍රශ්නය තියෙන්නෙ කලින් පැවති ඕනෑම මත් ද්‍රව්‍යය කට වඩා එහි භයානක බව සහ ඇබ්බැහි වීමේ හැකියාව වැඩියි. ඒක හෙරොයින් වලටත් වඩා භයානකයි. කොකේන් වලට වඩා භයානකයි ඒ වගේම එල් එස් ඩී වලටත් වඩා භයානකයි” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද වරක් සඳහන් කර තිබුණා.

Share This