අගමැති ඇස රන්ජන් දෙසට -ඉගෙනීමට දුන් පරිගණකයත් රැගෙන ගිහින්(VIDEO)

අගමැති ඇස රන්ජන් දෙසට -ඉගෙනීමට දුන් පරිගණකයත් රැගෙන ගිහින්(VIDEO)

සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මෙි අතර සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබෙනවා.

තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක මහතා සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා මෙහිදී පවසා තිබෙන බවද එම පුවත්පතේ සඳහන් කරනවා

තමා පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවද රන්ජන් රාමනායක මහතා පැවසු බවද සඳහන් වනවා

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර මෙම පුවත පිළිබඳව රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ “හිරගෙදර ඇතුළේ තවමත් දේශපාලන පලිගැනීම් ඉවරයක් නැති බවයි ”

වැඩිදුරටත් එම සටහන පහතින් දැකගත හැකියි

Share This