

ළමයින්ට වද හිංසා කළ පාලිකාව අත්අඩංගුවට
ළමා නිවාසයක සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවන් සහ ළමයින්ට සිදුවූ කෘර වද හිංසා සම්බන්ධයෙන් එහි ප්‍රධාන පාලිකාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා
අනුරාධපුර “අවන්ති දේවී ළමා නිවාසයේ” 52 හැවිරිදි ප්‍රධාන පාලිකාව මෙලෙස අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
“අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” සිටින ළමුන් 52කගේ ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන තිබෙන බවත් ඔවුන්ගේ ප්‍රකාශ අනුව ළමුන් වද හිංසා වලට ලක්වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා
අනුරාධපුර පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා