fbpx
හෙරොයින් සහ ගංජා වැටලීම් 09ක් – සැකකරුවන් 09ක් අත්අඩංගුවට

හෙරොයින් සහ ගංජා වැටලීම් 09ක් – සැකකරුවන් 09ක් අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.295ක් සමග ද, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු ගංජා ග්‍රෑම් 12ක් සමගද තීරුබදු නොගෙවූ දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් රහසිගතව සිදු කළ මෙහෙයුමක දී මොවුන් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සියලු මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂයක් ( 100,000/= ) පමණ අගයක් ගන්නා බව එම නිලධාරීන් සඳහන් කරන්නේ.

එම සැකකරුවන් නවදෙනා දිප්පිටිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් දස දහසක් (10,000/=) බැගින් රුපියල් පනස් දහසක් (50,000/=) ද ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් හය දහසක් (6,000/=) බැගින් රුපියල් දහඅට දහසක් (18,000/=) ද තීරුබදු නොගෙවූ සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකරුට රුපියල් දස දහසක් (10,000/=) ද බැගින් මුලු එකතුව රුපියල් හැත්තෑඅට දහසක ( 78,000/= ) දඩ නියම කර තිබෙනවා.

Share This