fbpx
හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට

මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වදිනහෙලයාය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රි සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් ඇටයි මිලිග්රැම් අටසිය තිහක් සමග සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී එක් සැකකරුවකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්රැම් දෙසිය පනහක් තිබී ඇති අතර ඔහු වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වන තිස් හය හැවිරිදි ආමි චන්ඩි නොහොත් චන්දන නැමැති පුද්ගලයා බව පොලිසිය සඳහන් කරනවා.

අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්රැම් පන්සිය අසූවක් තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහනවයක් පුද්ගලයක් බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් මෙහෙයුම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතර එම ස්ථානයට පැමිණි සැකකරුගේ පවුලේ උදවිය සහ ගම්මානයේ කිහිපදෙනක් පොලිසිය සමග ගැටුමක්ද ඇති කර ගෙන තිබෙනවා.

එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසිය විසින් සාර්ථකව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This