fbpx
හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබු බව මස්කෙලිය පොලිසිය පවසනවා.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ප්‍රාදේශිය රෝහල අසල ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් මස්කෙලිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පස්වරු 2.30 සිට පස්වරු 3.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් , මස්කෙලිය පොලිසියේ නිලධාරින් සහ පොලිසිය එක්ව ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ

 

Share This