fbpx
හමුදා බටයන් 30කට ජීවිත අහිමි කරමින් ඇෆ්ගනිස්ථානයේ යුද ගිනි ඇවිලෙයි

හමුදා බටයන් 30කට ජීවිත අහිමි කරමින් ඇෆ්ගනිස්ථානයේ යුද ගිනි ඇවිලෙයි

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් එරට හමුදා සාමාජිකයින් 30 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් 24 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මීට අමතරව සිවිල් වැසියන් කිහිපදෙනෙක් ද තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකර ඇති බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සැක පලකරනවා.

Share This