fbpx
සොල් නගරාධිපතිගේ මළ සිරුර හමුවෙයි

සොල් නගරාධිපතිගේ මළ සිරුර හමුවෙයි

අතුරුදන්ව සිටි දකුණු කොරියාවේ අගනුවර වන සොල් හි නගරාධිපතිවරයාගේ මළ සිරුර හමුවූ බව කොරියානු පොලිසිය නිවේදනය කරනවා.

ඊයේ (09) දිනයේදී නගරාධිපති පාර්ක් වොන් සූන් අතුරුදන් වී ඇති බව කොරියානු මාධ්‍ය සදහන් කර තිබුනා. ඔහු නිවසින් පිටවීමට ප්‍රථම තම දියණිය වෙත පණිවිඩයක් තබා ඇති බව පොලිසිය සදහන් කරනවා.

ඔහු අවසන්වරට ජංගම දුරකතනය භාවිතා කළ ස්ථානය ආසන්නයෙන් නගරාධිපතිවරයාගේ මෘත දේහය හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව උතුරු සෝල් හි වනාන්තර කඳුකර ප්‍රදේශයක තිබී මෘත දේහය හමුව තිබෙනවා.

කෙසේ වුවද ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

නගරාධිපතිවරයා අතුරුදන් වීමට පැය කිහිපයකට පෙර ඔහු යටතේ සේවය කළ සේවිකාවක් විසින් නගරාධිපතිවරයාට විරුද්ධව ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිබෙනවා.

Share This