fbpx
සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

කැතේ පැසිෆික් සමාගම සිය අනුබද්ධිත කැතේ ඩ්‍රැගන් වසා දමා රැකියා 8,500 ක් කපා හරින බව නිවේදනය කර තිබෙනවා

කැතේ ඩ්‍රැගන් ප්‍රධාන වශයෙන් චීනය සහ අනෙකුත් ආසියානු ගමනාන්ත වෙත පියාසර කරමින් පූර්ණ සේවා සැපයුවා

හොං කොං හි මුලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවයි .

ලොව පුරා පැතිර ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් උග්‍ර මූල්‍ය අපහසුතාවලට පත්ව සිටිනවා

සේවකයින් සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේද හඳුන්වාදීම, විධායක නිලධාරීන්ගේ වැටුප් අඩුකිරීම සහ ගුවන්යානා මිලදීගැනීම පමා කිරීමෙන් වියදම් අඩුකර ගැනීමට එම සමාගම මේ වන විටත් කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This