fbpx
සෙරීනාගේ දෙහැවිරිදි දුවට පාපන්දු කණ්ඩායමක අයිතිය

සෙරීනාගේ දෙහැවිරිදි දුවට පාපන්දු කණ්ඩායමක අයිතිය

ලොව සුපිරිම ටෙනිස් ක‍්‍රීඩිකාවක් වූ සෙරීනා විලියම්ස්ගේ දෙහැවිරිදි දියණිය ඇල් ඇන්ජලීස් හී කාන්තා පාපන්දු කණ්ඩායමක් වන ඒන්ජල් සිටි කණ්ඩායමේ සම අයිතිකරු වශයෙන් පත්ව තිබෙනවා. ලොව පාපන්දු කණ්ඩායමකට හිමිකම් කියන ළාබාලතම දියණිය වශයෙන්ද ඇය පත් වනවා.

සෙරීනා විලියම්ස්ගේ දියණිය වන ඇලෙක්සිස් ඔලිම්පියා ඔහානියන් මවගේ සමාජ මාධ්‍යවලද දිගින් දිගටම පෙනී සිටිමින් ජනපි‍්‍රය චරිතයක් බවට පත්ව ඇති බැවින් මෙම පුවතද එම ජනපි‍්‍රයත්වය තවත් වැඩි කරවන්නක් වී තිබෙනවා.

ඔලිම්පියාව සම අයිතිකරු වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් රෙඩිට් හී නිර්මාතෘ මෙසේ පැවසීය. ‘‘ලොස් ඇන්ජලීස් වෙත කාන්තා වෘත්තිය පාපන්දු සමාජයක් ගෙන ඒමට කටයුතු කරන අතරවාරයේ ඇයට එවැනි සාමාජිකත්වයක් ලබාදීම ගැන මම ආඩම්බර වෙනවා. ’’

ඔලිම්පියා තම මව සමග ටෙනිස් පුහුණුවන අයුරු ඡයාරූපයේ දැක්වේ.

Share This