fbpx
සුපිරි බොලිවුඩ් නලු සංජේ දත්ට පිළිකාවක්

සුපිරි බොලිවුඩ් නලු සංජේ දත්ට පිළිකාවක්

සුපිරි බොලිවුඩ් තරුවක් වන සංජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇතැයි තහවුරු  කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

61 හැවිරිදි වියේ පසුවන සංජේ දත් චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවකට තම රංගනයෙන් දායක වී ඇති අතර ඔහු තම රෝගය පිළිබඳ පවසා ඇත්තේ තමන් මෙම රෝගය ඉක්මනින් ජය ගන්නා බවයි.

එමෙන්ම සිය මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මාසයේ ආරම්භ කරන බවත් දත් පවසනවා.

Share This