fbpx
සියලුම ලංගම බස්රථ අද හා හෙට ධාවනයට පියවර

සියලුම ලංගම බස්රථ අද හා හෙට ධාවනයට පියවර

අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසනවා.

ඒ අනුව සියලු බස්රථ ධාවනය කරන ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය සිය සේවකයින්ට දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර, කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ සති අන්තයේ සියලු මගී දුම්රිය ප්‍රවාහන කටයුතු නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එහෙත් ජනතාවගේ පහසුව උදෙසා බස්රථ ධාවනය කරවීමට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

Share This