fbpx
සිංගප්පූරු මහ මැතිවරණය ආරම්භ වෙයි

සිංගප්පූරු මහ මැතිවරණය ආරම්භ වෙයි

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිංගප්පූරු මහ මැතිවරණය අද (10) ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මිලියන 2.65 ක් වන සිංගප්පූරු ඡන්ද දායකයන් මුව ආවරණ සහ අත්වැසුම් පැළඳ ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන්ට විනාඩි 5 ක කාලයක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ස්වයං පරීක්ෂාවට ලක් කෙරෙන හැඳුනුම්පත් ලබාදී තිබෙනවා.

සිංගප්පූරුව ආසියා-පැසිෆික් කලාපයේ දරුණු ලෙස කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් වූ අතර ආසාදිතයන් 45,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.

Share This