fbpx
සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක්

සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක්

ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

යුරෝපයට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තත්ත්වය තරමක් පාලනය වී ඇති බව එම සංවිධානය සඳහන් කරනවා. එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරි හය මාසය යුරෝපයට ඉතාමත් අසීරු කාලසීමාවක් වනු ඇති බවයි.

ගතවූ සතියේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති මරණ ගණන 30,000කට ආසන්නය.

තත්ත්වය පාලනයට කලාපීය රටවල් රැසක් මේ වනවිටත් දැඩි සංචරණ සීමා හඳුන්වාදී ඇති අතර ඒ හේතුවෙන් වාර්තාවන ආසාදිතයින් සහ මරණ පහළ යමින් පවතින බව ද එම සංවිධානය පවසනවා.

Share This