fbpx
සහරාන් ගේ බිරිඳ රිමාන්ඩ්

සහරාන් ගේ බිරිඳ රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත මාස 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ පාස්කු ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බ කරු වන  ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 22නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ්  ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අයයි.

මහේස්ත්‍රාත් වරයා එම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් රැඳවුම් නියෝග අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා යන සැකකාරිය හෙට 23 පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් වරයා නියෝග කළා.

Share This