fbpx
සංචාරක ව්‍යාපාරය නංවාලීමට යූරෝ මිලියන 4.9 ක්

සංචාරක ව්‍යාපාරය නංවාලීමට යූරෝ මිලියන 4.9 ක්

කොවිඩ් -19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබෙන අතර මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පවත්වා තිබෙනවා

යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බවයි.

සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම, කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවීමට නියමිතයි .

ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල් 54 ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි.

ලෝක කම්කරු සංවිධානය සමඟ ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා යූරෝ ලක්ෂ 2ක් ලබාදීමටද තීරණය කර තිබෙන අතර මධ්‍යම හා ඌව පලාත් කේන්ද්‍ර කරගත් ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය උදෙසා යූරෝ මිලියනයක් වෙන් කිරීමට කටයුතු ද යොදා තිබෙනවා

Share This