fbpx
ශ්‍රී ලංකාව ගැන රුසියාව ගත් තීරණය

ශ්‍රී ලංකාව ගැන රුසියාව ගත් තීරණය

කොවිඩ් 19 වසංගතයෙන් පසු දේශ සීමා විවෘත කිරීමත් සමඟ තම රටේ වැසියන් වෙනුවෙන් සංචාරය සඳහා යෝග්‍ය පළමු රටවල් දහයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍රයක් වන සහ ලාංකිකයන් දහස් ගණනක් සිය ජීවනෝපාය සපයා ගන්නා සංචාරක ව්‍යාපාරය ස්ථාවරව පවත්වා ගැනීමටත් එහි වර්ධනයටත් එමඟින් පිටුවහලක් වන බව ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් ජාත්‍යන්තර කටයුතු, අධ්‍යාපන, පර්යේෂණ, ක්‍රීඩා, සෞඛ්‍යය, අන්තර් සංස්කෘතික සබදතා වැනි ක්ෂේත්‍ර රාශියක් සඳහා රුසියාවෙන් ලද දායකත්වය ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රැඳෙන බව පෙන්වාදෙන එම ආයතනය ඒ සම්බන්ධයෙන් කෘතඥතාවය හිමිවන බවද ප්‍රකාශ කළා.

Share This