fbpx
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන් මහත්මිය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව තිබෙනවා

විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමු වූ අවස්ථාවේදී දෙරට අතර විවිධාංගීකරණය වූ අංශවල සහයෝගීතා ක්ෂේත්‍රයන් වේගවත් කළ හැකි මාර්ග හා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවය ශක්තිමත් හා වේගවත් කළ හැකි ක්‍රම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා මෙම හමුවේදී ඇගැයුමට ලක් වූ අතර, එම ක්ෂේත්‍රයේ දෙපාර්ශ්වයම විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගෙන් තිබෙන අතර ‘ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම’ පිළිබඳ පළමු වටයේ සාකච්ඡා 2018 දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර දී පැවත්වුනා

‘ශ්‍රී ලංකා-තායිලන්ත වෙළඳ සාකච්ඡා කමිටුවේ’ දෙවැනි රැස්වීම 2019 දී පැවැත්වූ අතර වැඩි දියුණු කළ ආර්ථික සහයෝගීතාවයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, මෙම සාකච්ඡා ක්‍රියාවලිය කඩිනමින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙපාර්ශ්වයම මෙහිදී අනුමත කර තිබෙනවා

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය අතරතුර දී අත්සන් තබන ලද උපාය මාර්ගික ආර්ථික හවුල්කාරිත්වය (SEP) ක්‍රියාත්මක කිරීම තුළින් උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය, යටිතල පහසුකම්, කෘෂිකාර්මික, ධීවර කටයුතු, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක කටයුතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සහයෝගීතාව, ඇසුරුම්කරණ කර්මාන්ත, තොරතුරු තාක්ෂණ අංශ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික උනන්දුවක් දක්වන වෙනත් ක්ෂේත්‍ර යන අංශ 10 ක් යටතේ සහයෝගීතාව දක්වා තිබෙනවා

Share This