fbpx
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

වත්මන් වාතාවරණය මත, ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පැමිණෙන සියලුම මගීන් (ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන්) විදේශ අමාත්‍යාංශයෙන් හෝ අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි

එවැනි අනුමත කිරීම් සෘජුවම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) වෙත යොමු කරනු ලබන අතර එවැනි අනුමත මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අදාළ ගුවන් සමාගමට දන්වනු ලබනවා

එමෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් 2021 ජනවාරි 6 වන දින සිට මගීන් සඳහා අනුමැතිය ලබාගැනීමට විශේෂ ඊමේල් ලිපිනයක් හඳුන්වා දී ඇති අතර එම ලිපිනය caaslpax@caa.lk වනවා

සියලුම අනුමත කිරීම් මෙම විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා

ඒ අනුව, ඕනෑම මගී අනුමැතියක් ලබාගැනීම සඳහා වෙනත් නිලධාරීන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඉල්ලීම් යොමු කිරීමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඉහත අනුමත කිරීම් වීසා බලපත්‍ර ලෙස නොසැලකෙන අතර මෙම කටයුතු ක්‍රියාත්මක වන්නේ වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බවද දන්වා සිටිනවා

Share This