ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකා සංචිතය මෙන්න

සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි.

පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කසුන් රජිත, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන්, අසිත ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, ළහිරු කුමාර සහ භානුක රාජපක්ෂ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සාමාජිකයන් ද නම්කර ඇති අතර එහි නායකත්වය දරන්නේ හෂ්මාතුල්ලා ශයිඩි.

රාමට් ශා (උප නායක), රාමනුල්ලා ගුර්බාස්, අසාතුල්ලා ඔමාර්සායි, ෆරීඩ් අහමඩ්, ෆසාලක් ෆරූකි, ගුල්බදින් නයිබ්, ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිකිල්, මොහොමඩ් නබී, මජිබූල් නබී, නූර් අහමඩ්, රශීඩ් ඛාන්, රියාස් හසන්, ශහිදුල්ලා කමල්, යමින් අහමදාසායි, දියා උර් රෙහ්මාන් ද කණ්ඩායමට ඇතුළත්.

Share This