fbpx
වේලා සටහන්කරුවන් හත්දෙනෙක් ස්වයං නිරෝධායනයට

වේලා සටහන්කරුවන් හත්දෙනෙක් ස්වයං නිරෝධායනයට

මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් හත් දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පවසනවා.

කොවිඩ් 19 වෛරසය අසාදනය වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් විම නිසා හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ වේලා සටහන්කරුවන් ස්වයං නිරෝධායනයට යොමු කල බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

ස්වයං නිරෝධායනයට යොමු කර ඇති වේලා සටහන්කරුවන් PCR පරීක්ෂණයකට භාජනය කිරිමට නියමිත බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කළා

 

Share This