fbpx
වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු හෙලිකොප්ටරය

වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු හෙලිකොප්ටරය

පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරය නාසා ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

‘ඉන්ජෙනුයිට්’ (අක්ෂතාව) යනුවෙන් නම්කර ඇති රාත්තල් 4ක (කිලෝග්‍රෑම් 1.8) බරින් යුත් මෙම හෙලිකොප්ටරය අඟහරු ග්‍රහයා වෙත නුදුරු අනාගතයේදීම පිටත් කර හැරීමට නියමිතය.

නාසා ආයතනය සැලසුම් කර ඇත්තේ අඟහරුගේ තුනී වායුගෝලය උපයෝගි කරගනිමින් මෙම හෙලිකොප්ටරය පහසුවෙන් පියාසර කරවීමටය.

කෙසේ වෙතත් රතු ග්‍රහලෝකයේ වායුගෝල තත්ත්වය මත එය පහසුවෙන් ඉදිරියට ගමන් කරවීම එතරම් පහසු නොවන බව නාසා ආයතනය පවසනවා.

බීබීසී ලෝක සේවයේ විද්‍යා වාර්තාකාරිනී ලෝරා ෆොස්ටර් මෙම කුඩා රොබෝ හෙලිකොප්ටරය පිළිබඳව අනාවරණය කරමින් සඳහන් කර ඇත්තේ ඉන්ජෙනුයි අභ්‍යවකාශ ගවේෂණයේ අනාගතය වෙනස් කරනු ඇති බවයි.

Share This