fbpx
විවාහ නොවී පවුල් කෑ, යුවළ 5 ක් විවාහ කෙරවූ හැටි (VIDEO)

විවාහ නොවී පවුල් කෑ, යුවළ 5 ක් විවාහ කෙරවූ හැටි (VIDEO)

පඬුවස්නුවර බටහිර ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ පවුල් ජීවිත ගතකළත් විවාහ ගිවිසගෙන නොතිබුන යුවළ 5 ක් හෙළ කුල සිරිත් අනුගමනය කරමින් මංගල පෝරුවේ චාරිත්‍ර කරවා විවාහකරදීමේ උත්සවයක් අද (25) හෙට්ටිපොල පිහිටි එම කාර්යාල ශ්‍රවනාරයෙදී පැවැත්වුණා.

මෙම සියල්ල සංවිධානය කර තිබුණේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් වන අතර එහිදී මංගල උත්සවයක තිබෙන සියලු විචිත්‍රාංග එක්කර තිබීම විශේෂත්වයක්.

ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම යුවල 5 දෙනා හට විවාහ වීමේ වැදගත්මක  පහදා දී මෙම කටයුත්ත සිදුකර තිබෙනවා.

Share This