fbpx
විදුහල්පතිවරුන් හට ජනපතිගෙන් තරයේ උපදෙසක්

විදුහල්පතිවරුන් හට ජනපතිගෙන් තරයේ උපදෙසක්

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී ඇති බව නිරීක්ෂණය කර ඇති බවත් විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පටිපාටිවලට අනුවම පමණක් බවත් මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.

Share This