fbpx
වැල්ලවාය බෝගහපතන සහ කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය බෝගහපතන සහ කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුපානාවල ග්‍රාම නිලධාරී වසමට අයත් බෝගහපතන සහ කුරුමිණියාගල රක්ෂිතයේ ඊයේ (22) හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම ගින්න ඉතා කෙටි කාලයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප් ත වූ අතර ගින්න මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (23) දින රාත්‍රි වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබෙනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පල කරන අතර වැල්ලවාය වනසංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමට නියමිතයි

Share This