fbpx
වැල්ලවායේ ගංජා හේනක් පොලිසිය වටලයි

වැල්ලවායේ ගංජා හේනක් පොලිසිය වටලයි

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී සිදු කල වැටලීමකදී උස අඩි නවය හාමාරකට ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබෙනවා.

එම ගංජා හෙනේ ගංජා ගස් දහසකට වඩා තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලිසිය පවසනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය අද (2) කරුණු වාර්තා කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Share This