වත්මන් වෛරසයෙන් ‘ගැබිනියට’ නරක කලක්

වත්මන් වෛරසයෙන් ‘ගැබිනියට’ නරක කලක්

ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක කොවිඩ් වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් අනාවරණය කරනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පෙන්වා දෙන්නේ ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ලම ලබා දිය නොහැකි බවයි.

“ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස් රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. මේක හැදුනහම ඉක්මනින් අමාරු වෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.“

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

 

Share This