fbpx
වත්තල, දික්ඕවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය 4ක් මරුට

වත්තල, දික්ඕවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය 4ක් මරුට

වත්තල, දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම පිරිස එකම පවුලේ ඥාතීන් පිරිසක්. බරපතළ තත්ත්වයේ සිටි තවත් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මරණයට පත්ව ඇත්තේ‍ අවුරුදු 16, 20, 30 යන වයස්වල පසුවන තරුණියන් තිදෙනෙක් හා අවුරුදු 14ක් වු පිරිමි දරුවෙකි.

මෘත ශරීර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Share This