fbpx
ලෝක ඉතිහාස තුළ නිර්මාණය වූ වසංගත තත්ත්වයන්

ලෝක ඉතිහාස තුළ නිර්මාණය වූ වසංගත තත්ත්වයන්

ලෝක ඉතිහාසය තුළ විවිධ කාල සීමාවන් තුළ වංසගත තත්ත්වයන් නිර්මාණය වී තිබුණා. මෙම වසංගත තත්ත්වයන් නිසා බොහෝ ජීවිත ප්‍රමාණයක් හානියට පත් වුණා. විවිධ උපක්‍රමවලින් එම වසංගත තත්ත්වයන් පාලනය කරගත්තත් ලෝකයේ විවිධ කාල සීමාවල විවිධ වසංගත තත්ත්වයන් ඇති වීම පාලනය කර ගත නොහැකි දෙයක් බවට පත් වී තිබුණා.

දැන් අප මුහුණ දෙමින් සිටින නව කොරෝනා වෛරසය නැතිනම් Covid-19 යනු එම නිර්මාණය වූ වසංගත තත්ත්වයකි. මේ ලෝක ඉතිහාසය තුළ නිර්මාණය වු වසංගත තත්ත්වයන් ගැන විමසා බැලීමකි.

ඇනටෝනින් වසංගතය (ක්‍රි.ව 160 සිට ක්‍රි.ව.180)

අපට දැනගන්නට ලැබෙන ඉතිහාසයේ ඈත කාලයෙන්ම වාර්තා වෙන වෛරසය වන්නේ ඇනටෝනින් වසංගතයයි. වසූරිය හෝ සරම්ප රෝගයේ ආකාරයේ රෝගයක් ලෙස මෙය වාර්තා වී තිබුණා. එහි රෝග ලක්ෂණ වුයේ පාචනය, උණ, වමනය පිපාසය, උගුර ඉදිමීම සහ කැස්ස වැනි ලක්ෂණයි. මෙම රෝගය නිසා මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව අන්තර්ජාලයේ ඇති මුලාශ්‍රයන් තුළ සඳහන් වෙනවා.

ජපන් වසූරිය වසංගතය (ක්‍රි.ව 735 සිට ක්‍රි.ව 737)

කොරියානු අර්ධද්වීපයේ සිට පැමිණි පුද්ගලයෙකුට වැළඳී තිබුණු රෝගයක් සීඝ්‍රයෙන් ජපානයේ උතුරු කියුෂු ප්‍රදේශය පුරා ව්‍යාප්ත වන්නට වූ අතර ගොවීන් ඇතුළු බොහෝ පිරිසක් මෙම රෝගය නිසා මියන්නටද වුණා. එම නිසා ජපානය තුළ ආහාර අර්බුදයක් ද ඇති වූ බව සඳහන් වෙනවා. Variola නැමැති ප්‍රධාන වෛරසය නිසා ඇති වූ මෙම වසංගතය හේතුවෙන් ජපානය තුළ මිලියනයකට අධික පිරිසක් මිය ගිය බව වාර්තා වෙනවා.

ජස්ටියානු වසංගතය (ක්‍රි.ව. 541 සිට ක්‍රි.ව 542)

ජස්ටීනියානු වසංගතය යනු බයිසැන්තියානු අධිරාජ්‍යයට සහ විශේෂයෙන් එහි අගනුවර වන කොන්ස්ටන්ටිනෝපල්ට මෙන්ම සාසානියානු අධිරාජ්‍යයට හා මුළු මධ්‍යධරණි මුහුද අවට වරාය නගරවලටද බලපාන වසංගතයකි. මීයන් සහ මැක්කන් නිසා නිර්මාණය වුණා යැයි සැලකෙන මෙම වසංගතයේ මූලය වුයේ යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාවකි. මෙයින් මිලියන 30-50ත් අතර පිරිසක් මියා ගියායැයි සඳහන් වේ.

කළු මරණය (ක්‍රි.ව 1347 සිට ක්‍රි.ව 1351)

ලෝක ඉතිහාසයේ පැවැති දරුණුතම වසංගතය ලෙස සලකන මෙම වසංගතය නිසා ලෝකයේ මිලියන 200ක ප්‍රමාණයක් මිය ගියා යැයි සැලකේ. යුරෝපය තුළ මෙය සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණා. යුරෝපය තුළ විශාල සංවර්ධනයක් වෙමින් තිබුණු සමයක මෙම වසංගතය ඇති වූ අතර එම නිසා විශාල හානියක් යුරෝපයට සිදු වූ බව සඳහන් වෙනවා. රෝග වාහකයන් වු‍යේ මීයන්ය. මෙම වසංගතය යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව නිසා ඇති වූ බව සැලකෙයි.

නව ලෝක වසූරිය (ක්‍රි.ව 1520 සිට – )

අමෙරිකානු ස්වදේශිකයන්ගේ මරණයට බොහෝ ලෙස වගකිව යුතු රෝගය ලෙස මෙම නව ලෝක වසූරිය රෝගය හඳුන්වනු ලබයි. . Variola නැමැති ප්‍රධාන වෛරසය නිසා මෙම රෝගය නිර්මාණය වූණා යැයි සැලකේ. මිලියන 56ක ප්‍රමාණයක් මිය ගියා යැයි සැලකේ.

ලන්ඩනයේ මහා වසංගතය (ක්‍රි.ව 1665)

1665 සිට 1666 දක්වා පැවති මහා වසංගතය එංගලන්තයේ ඇති වූ බුබොනික් වසංගතයේ අවසාන ප්‍රධාන වසංගතය ලෙස සලකනු ලබයි. යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව නිසා ඇති වූ බව සලකයි. ලක්ෂයක පමණ ජීවිත ප්‍රමාණයක් මේ නිසා අහිමි විය.

ඉතාලි වසංගතය (ක්‍රි.ව 1621 සිට ක්‍රි.ව 1631)

ඉතාලිය තුළ පැතිර ගිය තවත් ප්‍රබල වෛරසයක් වූ මෙය නිසා එරට ජනගහනයෙන් 25%ක ප්‍රමාණයක් මියා ගියා යැයි සැලකේ. මෙය ඉතාලියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශයේ පැතිර ගොස් තිබුණා.

කොලරා වසංගතය 1-6 (ක්‍රි.ව. 1817 සිට 1923)

වසර 200ක් තුළ කොලාර වංසගත 07ක් සිදු වී ඇති බව සඳහන් වෙයි. පළමුවරට වෛරසය වාර්තා වුණේ වර්ෂ 1817 දී ඉන්දියාවෙනි. V. cholerae නම් බැක්ටීරියාව නිසා මෙම රෝගය ඇතිව තිබූ අතර මිලියනයකට අධික පිරිසකගේ ජීවිත අහිමි කර තිබුණි.

3 වෙනි වසංගතය (ක්‍රි.ව 1885)

තෙවන වසංගත වසංගතය 1855 දී චීනයේ යුනාන් හි ආරම්භ වූ ප්‍රධාන බුබොනික් වසංගත තත්ත්වයේම වසංගතයක් වූ අතර චීනය සහ ඉන්දීයාව මුලික කරගෙන ව්‍යාප්ත විය. මිලියන 12කගේ පමණ ජිවිත අහිමි වු බවට සඳහන් වෙයි. යර්සීනියා පෙස්ටිස් නම් බැක්ටීරියාව මෙම රෝගයේ ද නිර්මාණය සිදු කර තිබුණි.

කහ උණ ( ක්‍රි.ව 1800 අග භාගයේ)

කහ උණ යනු ආසාදිත මදුරුවන් විසින් සම්ප්‍රේෂණය කරන උග්‍ර වෛරස් රක්තපාත රෝගයකි. නාමයේ ඇති “කහ” යන්නෙන් සමහර රෝගීන්ට බලපාන සෙංගමාලය වේ. මෙම රෝගය නිසා 100,000 සිට – 150,000ක් අතර පිරිසක් මිය ගියා යැයි සැලකේ.

රුසියානු උණ (ක්‍රි.ව 1889 සිට 1890)

H2N2 රෝගකාර වෛරසය නිසා මෙම වසංගතය නිර්මාණය වුණා යැයි සැලකේ. මිලියන 1 පමණ පිරිසක් මේ නිසා මිය ගිය බවත් සඳහන් වෙයි.

ස්පාඤ්ඤ උණ (ක්‍රි.ව 1918 සිට 1919)

H1N1 රෝග කාරක වෛරසය නිසා නිර්මාණය වුණා යැයි සෙලෙකෙන අතර රෝග වාහකයා වුයේ ඌරන්ය. ස්පාඤ්ඤය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වුණු අතර මිලියන 40-50ත් අතර පිරිසකගේ ජිවිත අහිමි විය.

ආසියානු උණ (ක්‍රි.ව 1957 සිට 1958)

H2N2 වෛරස නිසා නිර්මාණය වුණා යැයි සැලකේ. ආසියානු රටවල ව්‍යාප්ත වු අතර මිලියන 1.1 ගේ පමණ ජීවිත අහිමි කිරීමට මෙම වෛරසයට හැකියාව ලැබුණි.

හොංකොං උණ (ක්‍රි.ව 1968 සිට 1970)

හොංකොං මූලික කරගෙන නිර්මාණය වුණු මෙම වසංගතය H3N2 නම් රෝග කාරක වෛරසය නිසා නිර්මාණය වුණා යැයි හඳුනාගෙන ඇත. මිලියනයක ජීවිත අහිමි කිරීමට සමත් විය.

HIV/AIDS වෛසරය (ක්‍රි. ව 1981 සිට – )

චිම්පන්සියන් ආශ්‍රයෙන් නිර්මාණය වූ වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය විය. මෙම වෛරසය තුළින් අදටත් ලෝකයේ බොහෝ පිරිසක් මිය යයි. මානව ප්‍රතිශක්තිකරණයට බලපෑම් කරන මෙම වෛරසය වෙනත් රෝගයක් මුලික කරගෙන ආසාදිතයාව මරණයට පත් කිරීම සිදු කරයි. මේ දක්වා ලෝකයේ මිලියන 25 – 30ක් දක්වා මියගොස් ඇති අතර තවමත් මරණ වාර්තා වීම සිදුවෙයි.

සූකර උණ වසංගතය (2009 – 2010)

ඌරන් මූලික කරගෙන නිර්මාණය වූ මෙම වසංගතය මිනිසාටද සම්ප්‍රේෂණය විය. මෙම වෛරසය H1N1 ලෙස හඳුනාගනු ලැබීය. ලක්ෂ 200,000 පමණ ජීවිත අහිමි කිරීමට මෙම වෛරසයට හැකිවිය.

සාර්ස් වසංගතය (2002-2003)

කොරෝනා වෛරසයේම තවත් වෛරසයක් වෙන මෙය වවුලන් සහ උරුලෑවා මූලික කරගෙන නිර්මාණය විය. මෙම වෛරසය නිසා 770කට ජීවිතය අහිමි විය.

එබෝලා වසංගතය (2014 – 2016)

එබෝලා නම් වෛරසය නිසා හටගත් මෙම වසංගතය කැලෑ සතුන්ගෙන් මිනිසාට ව්‍යාප්ත වුණා යැයි සැලකෙන අතර මිනිසාටද සම්ප්‍රේෂණය විය. අප්‍රිකාව මහද්වීපය මූලික කරගෙන නිර්මාණය වුණු මෙම වෛරසය නිසා 11,000කට අධික පිරිසක් මිය ගිය බව සඳහන් වෙයි.

මර්ස් වසංගතය ( 2015 සිට -)

කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් වෙන මෙම වෛරසය වවුලන්ගෙන් සහ ඔටුවන්ගෙන් නිර්මාණය වුණා යැයි සැලකේ. මිනිසාටද සම්ප්‍රේෂණය වු මෙම වෛරසය මැදපෙරදිග මුලික කරගෙන නිර්මාණය විය. 850කගේ ජීවිත අහිමි විය.

COVID-19 වසංගතය (2019 සිට -)

කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් වෙන වෛරසය මේ වන විට ලෝකය පුරා 300,000කට අධික ප්‍රමාණයකට ආසාදනය වී 14,000කට වඩා වැඩි පිරිසක් මරණයට පත් කිරීමට සමත්ව තිබේ. මෙයට තවමත් ප්‍රතිකාර සොයාගෙන නොමැති අතර පරික්ෂණ සිදු කරමින් පවතී. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන්වලින් මෙම රෝගය ආරම්භ වුණා යැයි සැලකෙන අතර නිර්මාණය වීම ගැන තවමත් පරික්ෂණ සිදුකරමින් පවතී.

Share This