fbpx
ලොව පුරා කොරෝනා නවතම තත්ත්වය

ලොව පුරා කොරෝනා නවතම තත්ත්වය

අද වන විට ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව ලක්ෂ 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නවතම දත්තවලට අනුව වාර්තා වන මියගිය සංඛ්‍යාව 1,096,881 ක් වන අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 38,744,473 ක් වනවා.ඒ අතරින් 29,123,761 දෙනෙකු සුවය ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩිම ආසාදිතයින් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 8,150,043 ක් වන අතර එරට මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගොස් තිබෙනවා .ඒ අනුව එරට මියගිය සංඛ්‍යාව 221,843 ක් වනවා .

මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 7,305,070 ක් සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව 5,141,498 ක් ලෙස වාර්තා වන අතර රුසියාව ද ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. පේරු, කොලොම්බියාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉරානය යන රටවල ආසාදිතයන් ප්‍රමාණය 500,000 ඉක්මවා ගොස් තිබෙනවා.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්ගත් නව කොරෝනා වෛරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය සහ ආසියාව පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙනවා.

මේ වනවිට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාව වන අතර ඉන්දියාව දෙවැනි ස්ථානයේත්, බ්‍රසීලය තෙවන ස්ථානයේත්, රුසියාව සිව්වන ස්ථානයේ හා ස්පාඤ්ඤය පස්වැනි ස්ථානයේත් පසුවනවා.

Share This