fbpx
රුපියල් 5,000 දීමනාව නැවතත්

රුපියල් 5,000 දීමනාව නැවතත්

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල්වලට රුපියල් 5,000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙනවා.

ඇමති ප්‍රසන්න රණතුංග සදහන් කලේ මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කල බවයි.

පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන්කළා

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ කෝවිඩ් I හා II වටයන් තුල අනුගමනය කල පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවයි.

ඇදිරි නීතය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුල වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

පසුගිය i හා ii වටයන්හීදී ඒ ඒ ග්‍රාම සේවා වසම් වල පත් කෙරුනු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැනුණු අතර එම සියලු පවුල් සදහා මෙවරද අදාළ දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ඉල්ලා තිබිණි.

 

Share This