fbpx
රිෂාඩ් ඉන්නේ සජිත්ගේ ගෙදර – ලංසා

රිෂාඩ් ඉන්නේ සජිත්ගේ ගෙදර – ලංසා

රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රී වරයා නැවතී සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ හෝ ඔහුගේ සමිපතමයෙකුගේ නිවසේ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුඩළුඔය ප්‍රදේශයේ මාර්ගයක් සංවර්ධනය කිරිමේ අවස්ථාවක් සඳහා සහභාගී වෙමින් අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“ඉතාම පැහැදිලිව අපි කියන්නේ රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රිවරයව අත්අඩංගුවට ගන්න කියලා. එතුමට නායකත්වය දුන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග තමයි කතා කරලා තියෙන්නේ.

ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සජිත් මහතා දන්නවා ඇති රිෂාඩ් මහතා ඉන්න තැන.ඒ නිසා අපි සජිත් මහත්තයට කියනවා ඉතාම ඉක්මනින් රිෂාඩ් බදියුර්දීන් මහතාව පොලිසියට බාර දෙන්න. රිශාඩ් මහත්තයා අනිවාර්යෙන්ම ඉන්නේ සජිත් මහත්තයාගේ හරි එයාට උදව් කරන කෙනෙක්ගේ ගෙදර තමයි.

20 වෙනි සංශෝධනය අනුමත කර ගැනිම සදහා රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රිවරයාගෙන් කිසිදු සහයෝගයක් ලබා ගැනීමට අපි කැමති නෑ. අපිට උවමනාවකුත් නෑ. තුනෙන් දෙක අපිට තියෙනවා.තුනෙන් දෙක ලබා ගන්න අපිට අමාරුවක් නෑ. විසිවෙනි සංශෝධනයට කැමැත්ත තියෙන මන්ත්‍රිවරු ගොඩක් ඉන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපිට ඔහුගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ නෑ,

Share This