fbpx
රැම්සා තෙත්බිමේ කඩොලාන පැළ ගැලවූ බව කියන සිව්දෙනා නැවත රිමාන්ඩ්

රැම්සා තෙත්බිමේ කඩොලාන පැළ ගැලවූ බව කියන සිව්දෙනා නැවත රිමාන්ඩ්

ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ නව කඩොලාන ව්‍යාපෘතියේ කඩොලාන පැළ ගැලවූ බවට සැකකරන පුද්ගලයින් සිව්දෙනෙකු ලබන 09 දින දක්වා යළිත් රල්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

ඒ ඔවුන් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පදිංචි ධීවරයින් සිව්දෙනෙක් .

ඉකුත් පෙබරවාරි 23දා එම කඩොලාන ව්‍යාපෘතියේ අලුතෙන් රෝපණය කළ කඩොලාන ගැලවූබවට සැකපිට මෙම පුද්ගලයින් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන 24 දින හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් 02දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර එදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව පොදු දේපළ පනත යටතේ ඇප ලබාදීමට පොලීසිය විරෝධය පෑම හේතුවෙන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවරදිකරුවන් බවට ප්‍රකාශ කරන අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට විධිමත් පරීක්ෂණයක් පවත්වා පා සලකුනු රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම කඩොලාන ව්‍යාපෘතිය පසුගිය ලෝක තෙත්බිම් දිනයේදි රැම්සා තෙත්බිම තුළ අක්කර 40ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝපණය කළා.

Share This