

රන් පවුම් 19ක් සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට
යාපනයේ පේදුරුතුඩුව ප්රදේශයේ නිවසකින් රන් පවුම් 19 ක් සොරා ගන්නා ලද කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පේදුරුතුඩුව පොලීසියේ නිලධාරීන් 19 දා සමත් වී තිබෙනවා.
නිවසේ තිබූ රන් පවුම් 19ක කුඩා පසුම්බිය අතුරුදහන් වීමෙන් පසුව නිවසේ උදවිය ඒ පිළිබදව පොලීසියට පැමිණිලි කොට ඇති අතර පේදුරුතුඩුව පොලීසිය විසින් එම නිවසට නිතර යන එන ලද තරුණියක් සැකපිට අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී රන් පවුම් සියල්ල ඇය විසින් සොරා ගන්නා ලද බව පිළිගෙන තිබෙනවා,
සැකකටයුතු තරුණිය පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව පෙබරවාරී මස 2 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබෙනවා.