fbpx
රණවිරුවන් සඳහා යුද හමුදාවෙන් නව නිවාස හතරක්

රණවිරුවන් සඳහා යුද හමුදාවෙන් නව නිවාස හතරක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක් රණවිරුවන් වෙත භාර දීම සිදු කර තිබෙනවා.

යුද්ධයේදී බරපතල ලෙස තුවාල ලැබූ රණවිරුවන් තිදෙනෙකු සහ රණක්‍ෂිතයට පත් රණවිරුවකුගේ බිරිඳක් ද නව නිවාසලාභීන් අතර වනවා.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහ රෙජිමේන්තුවේ උපදෙස් පරිදි දියතලාව, උහන, පරකදුව සහ මංගලගම යන ප්‍රදේශවල මෙම නිවාස ඉදිකර තිබෙනවා.

 

Share This