fbpx
රට වටින් හසු වූ මත්ද්‍රව්‍ය

රට වටින් හසු වූ මත්ද්‍රව්‍ය

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයෙකු අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 400 ක් සමගින්.
පිළියන්දල දාම්පේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු මෙම යතුරුපැදියෙන් පොලිස් ලාංඡනය සහිත හිස් වැසුමක් පැළද හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
ඊට අමතරව, තමන් පොලිස් නිලධාරියෙකු බව පවසමින් විවිධ පුද්ගලයින් මුලාකර මුදල් ද වංචාකර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර මහරගම නාවින්න ප්‍රදේශයේ දී මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 02 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 30,000 ක මුදලක් ද සොයා ගෙන ඇති අතර 44 හැවිරිදි අදාල සැකකරු හිටපු යුධ හමුදා කර්නල්වරයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.
ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව තවත් හෙරොයින් ග්‍රෑම් 10 ක් රැගෙන ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ හෙරොයින් ග්‍රෑම් 20 ක් සමගින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පන්නිපිටිය සහ තලතුගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් සන්තකයේ ද තිබී රුපියල් 50,000 ක මුදලක් ද සොයා ගැනීමටයි හැකිවුණේ.

තවද කරන්දෙණිය පොලිසිය මුත්තෙට්ටුව පාර ප්‍රදේශයේ දී සහ කෑරූව – කුමාරදෙණියගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැණුනා.
ඒ හෙරොයින් ග්‍රෑම් 05 ක් ද සමගින්.

මහබාගේ පොලිසිය, වත්තල – බලගල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ 09 ක් සොයාගත් අතර , සැකකරුගේ ගිණුම් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එම ගිණුම් හරහා පසුගිය කාලයේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවයි.

මේ අතර, මීරිගම – පල්ලේවෙල, මල්ලෙහෑව ප්‍රදේශයේ දී කේරලක ගංජ කිලෝ එරකහමාරක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ බුද්ධි නිළධරීන් කටයුතු කර තිබෙනවා.
පසුව එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේ දී තවත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් නවයහමාරක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු විශ්‍රාමික නාවික හමුදා සෙබලෙක් බවයි පොලිසිය පැවසුවේ.

Share This