fbpx
මෙල්බර්න් හි 74 දෙනෙක් පොලිස්  අත්අඩංගුවට

මෙල්බර්න් හි 74 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ පැවැත්වූ අගුලු දැමීමේ විරෝධී උද්ඝෝෂණයට සහභාගී වූ 74 දෙනෙකු වික්ටෝරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊට අමතරව තවත් පුද්ගලයින් 176 දෙනෙකුට අගුලු දැමීමේ නීති කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නිකුත් කර තිබෙන අතර මෙල්බර්න් නගරයේ පිහිටි Queen Victoria වෙළෙඳ පොළ ආශ්‍රිතව පැවැත්වුණු මෙම විරෝධතාවට පුද්ගලයින් 250 ක පමණ පිරිසක් සහභාගී වූ බව එරට පොලීසිය පවසනවා

එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඇතැම් විරෝධතාකරුවන් පොලිසියට පළතුරු පවා වීසි කළ බව වාර්තා වන අතර වික්ටෝරියානු පාර්ලිමේන්තු සංකීර්ණයද තාවකාලිකව වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පසුගිය සතියේ එහි සේවය කළ ආරක්ෂක සාමාජිකයෙකු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහුවරු වීමෙන් අනතුරුව වික්ටෝරියානු පාර්ලිමේන්තු සංකීර්ණය එලෙස තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 7 ක් සමඟ අලුතින් කොරෝනා ආසාදිතයින් 35 ක් වාර්තා වෙනවා

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 730 ක්

සමස්ත ඕස්ට්‍රේලියාවෙන්ම අද වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Share This