fbpx
මෙරටට නව චොකලට් කර්මාන්ත ශාලාවක් ?

මෙරටට නව චොකලට් කර්මාන්ත ශාලාවක් ?

චොකලට් කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වාණිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය සහ මොහොමඩ් චෞකෙයාර් මහතා අතර පැවැති සාකච්ඡාවක දී මේ බව සදහන් කර ඇති බව ලෙබනන් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකු ද වන මොහොමඩ් චෞකෙයාර් මහතා අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළහැකි අයෙකු ලෙස පිළිගැනේ.

Share This