
මුදල් අච්චු ගැසීමේ තරම
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා .
මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47ක් බවත් ඒ මහතා කියා සිටියා .
ආර්ථික වර්ධනයත් සමග සංචිත මුදල් වැඩි විය යුතු බවත් ඒ මහතා කියා සිටියා.