“මීට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ, ඒක ලෝකෙටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේ දී” – භානුක රාජපක්ෂ

“මීට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ, ඒක ලෝකෙටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේ දී” – භානුක රාජපක්ෂ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (25) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිළ පරදා ජය ලබන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට යළි පන්ජාබ් කණ්ඩායමට එක්වන්නට අවස්ථාව හිමි වුණා.

ඒ අනුව ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් භානුක රාජපක්ෂ පන්දු 32ක් තුළ ලකුණු 42ක් රැස්කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 02ක් ද සමඟින්.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ භානුක රාජපක්ෂ සඳහන් කළේ මෙවැන්නක්.

” ගෙවුණු අවුරුදුවල අපේ ක්‍රිකට් හොඳ තැනක තිබුණේ නැහැ, ලෝක කුසලාන තරගාවලිය තුළ අපි ක්‍රීඩා කරපු විදියත් එක්ක මේ තරගාවලිය අපට ලැබෙන්න හේතුවක් වුණා, මීට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ ඒක ලෝකෙටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේ දී”

 

Share This