මිලියන 39කට අධික ගංජා තොගයක් වෙරළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගනියි

මිලියන 39කට අධික ගංජා තොගයක් වෙරළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගනියි

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙනක් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ ඊයේ (22) වන දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදි වෙරළේ අතහැර දමා තිබු කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගයේ මුළු වටිනාකම රු.මිලියන 39.54 ක් බවයි වාර්තා වන්නේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය අද (23)උතුරු නාවික විධානයේදි ගිනි තබා විනාශ කිරිමට කටයුතු කරා.

Share This