මිය ගිය දැරියගේ සිරුර ගැන ‘යළි පරීක්‍ෂණ කරන’ වෛද්‍ය මණ්ඩලය

මිය ගිය දැරියගේ සිරුර ගැන ‘යළි පරීක්‍ෂණ කරන’ වෛද්‍ය මණ්ඩලය

රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියගේ සිරුර හෙට (29) විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත අද (29) කරුණු වාර්තාකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් මේ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.

ඒ මියගිය දැරියගේ දේහය ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහායි.

කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන මහත්වරුන් මෙම කණ්ඩායම සඳහා පත්කර තිබෙනවා.

 

Share This