fbpx
මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙක් යළි දිවයිනට

මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙක් යළි දිවයිනට

COVID 19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට පැමින තිබෙනවා.

මියන්මාරයේ යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට, මියන්මාර ගුවන් සේවයට අයත් 8 M – 611 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස අද (16) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කළ අතර, ඔවුන් අතර කොරෝනා ආසාදිත රෝගීන් සිටී දැයි විමසා බැලීමක් ද සිදු කෙරුණ බව අප වාර්තාකරු සඳහන් කළා.

පසුව ඔවුන් නීරෝධායන කටයුතු සඳහා විශේෂ බස් රථ මගින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගෙන ගොස් තිබෙනවා.

Share This