fbpx
මිනිසුන් නැති නකල්ස් වෙනස් වෙන ලස්සන (photos)

මිනිසුන් නැති නකල්ස් වෙනස් වෙන ලස්සන (photos)

මසකට අධික කාලයක් පවතින ඇඳිරිනීති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකල්ස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබෙනවා.

පසුගිය දා (21) නකල්ස් කලාපයේ සිදුකල සංචාරකය දී අනාවරණය වූයේ ස්වභාවික පරිසරය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි. මානව ක්‍රියාකාරකම් සිදු නොවීම හේතුවෙන් සිදුව ඇති වෙනස්කම් අතර නකල්ස් කළාපයට ආවේනික වෘක්ෂලාතා රැසක් ස්වභාවික මල් වලින් හැඩවී තිබෙනවා.

තොරතෝන්චියක් නැතිව නිබදව ඇසෙන කුරුළු නාදයන්ට අමතරව විවිධ වන සතුන් නිදහසේ සිය නාද රටාවන් පවත්වන අයුරු මේ දිනවල නකල්ස් කලාපයේ දැකගත හැකි වනවා.

කැළිකසල පරිසරයට බැහැර නොවීම, ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය බාහිර පරිසරයට එක් නොවීම,ජල උල්පත් අපිරිසිදු නොවීම ආදී කරුණු රැසක් හේතුවෙන් නකල්ස් කළාපයේ ස්වභාවික වෙනස් වීම් සිදුව තිබෙනවා.

Share This